“ළමා ලිංගික අපරාධ, අන්තර්ජාලය හා නීතිය” කෘතිය නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාධ්‍ය නිලධාරි එච්.ඩි.ඊ ගුණසේකර මහතා විසින් රචිත “ළමා ලිංගික අපරාධ, අන්තර්ජාලය හා නීතිය කෘතිය” නිකුත් වී තිබේ.

එය මරදාන ගොඩගේ සමාගමේ ප්‍රකාශනයකි.

ගුණසේකර මහතා කැලණීය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළීබද දර්ශනපති උපාධිදාරියෙකුද වේ. “ළමා ලිංගික අපරාධ, අන්තර්ජාලය හා නීතිය” ග්‍රන්ථය පර්යේෂණාත්මක කෘතියකි.

ළමා ලිංගික අපරාධ අවම කිරීමට අන්තර්ජාල මාධ්‍යයේ ඇති ශක්‍යතාවය පිළීබදව හා පවතින නීති පද්ධතිය පිළීබද මෙහි පර්‍යේෂණාත්මක තොරතුරු රැසක් අන්තර්ගත බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ,අචාර්‍ය් ටියුඩර් වීරසිංහ මහතා පවසයි. මෙය අදාළ විෂය පිළීබදව පවතින පුරෝගාමි ග්‍රන්ථයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

ගුණසේකර මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙසත්,සියත රූපවාහිනි ආයතනයේ ප්‍රවෘත්ති නිෂ්පාදක ලෙසත්,ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සන්නිවේදන නිලධාරි ලෙසත් මීට පෙර කටයුතු කර ඇත.මරදාන ගොඩගේ සමාගම හා සම්බන්ද වීමෙන් මෙම ග්‍රන්ථය ඔබට ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *