බංග්ලාදේශය ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය අවලංගු කරයි

(කොළඹ, ලංකාපුවත්) – ජුලි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය නොපැවැත්වීමට දෙරටෙහි ක්‍රිකට් පාලක මණ්ඩල තීරණය කර ඇත.

සිය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීමට සුදුසු වාතාවරණයක් තවමත් උදාවී නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඉදිරියේ දී එම තරඟාවලිය පැවැත්වීමට කටයුතු කරන බවය. එම තරඟාවලිය යටතේ දෙරට අතර ටෙස්ට් තරඟ 3ක් පැවැත්වීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *