මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2010 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 2010 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ද කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇත.

ඊයේ (25) දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් 9 දෙනා සමගින් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2010 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1,602කි. රෝගීන් 397 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *