මුඛ ආවරණ නොපැළඳීම නිසා 1200 කට අධික පිරිසක් නිරෝධායනයට

(කොළඹ, ලංකාපුවත්) – මුඛ ආවරණ නොපැළඳ බස්නාහිර පළාතේ ගැවසුනු පුද්ගලයින් 1,217 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇත.

ඊයේ (28) සිදුකළ විශේෂ මෙහෙයුමක දී පොදු ස්ථානවල දී මෙම පිරිස ගැවසීමේ දී හදුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඒ අනුව දින 14ක නිරෝධායනයකට මෙම පිරිස යොමු කර තිබේ.

ප්‍රසිද්ධ ස්ථානයන්හි මුඛ ආවරණ නොපැළඳ ගැවසුනහොත් ඕනෑම අයෙකුට දින 14ක අනිවාර්ය ස්වයං නිරෝධායනයකට භාජනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය විසින් පසුගිය සෙනසුරාදා දැනුම් දෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *