මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට යළි රැකියා

(කොළඹ, ලංකාපුවත්) –මාලදිවයින ලබන 15 වැනිදා විවෘත කිරීමත් සමඟ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ට සුපුරුදු පරිදි සේවයේ යෙදීමට අවස්ථාව හිමි වන බව ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් ඔමාර් අබ්දුල් රසාක් මහතා පෙරේදා (29) ප්‍රකාශ කෙළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ මාලදිවයින මහ කොමසාරිස් ඔමාර් අබ්දුල් රසාක් මහතා අරලියගහ මන්දිරයේ පෙරේදා(29) පැවැති හමුවේදී මේ බව අනාවරණය විය.

එළැඹෙන ජුලි 15 වැනි දා මාලදිවයින නැවත විවෘත කිරීමට නියමිතව ඇති බැවින් කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන්, මාලදිවයිනේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට සුපුරුදු පරිදි සේවයේ යෙදීමට අවස්ථාව හිමි වන බව මහ කොමසාරිස්වරයා එහිදී අගමැතිවරයාට දැනුම් දුන්නේය.

මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු ද මෙහි දී මහකොමසාරිස්වරයාගෙන් විමසූ අගමැතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් 15000-20000අතර ප්‍රමාණයක් මාලදිවයිනේ සේවය කරන බව ද සඳහන් කෙළේය.

මාලදිවයින යළි විවෘත කිරීමට එරට රජය ගෙන ඇති තීරණයට සුබපතමින් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේ එරට සංචාරක ක්ෂේත්‍රය යළි යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =