පුටින්ගේ ධූර කාලය 2036 දක්වා තහවුරු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගේ ධූර කාලය 2036 දක්වා තහවුරු වෙයි.

2026 දක්වා රුසියාව තුළ ජනාධිපතිවරයා ලෙස ව්ලැඩිමිර් පුටින්ට රැඳී සිටීමට හැකි වන පරිදි වූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට ජනතා අනුමැතිය හිමිව තිබේ.

රුසියා මැතිවරණ කොමිසම ඊයේ දිනයේ ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට ප්‍රකාශ කර ඇති ඡන්ද ප්‍රතිශතවලට අනුව සියයට 77කට ආසන්න ප්‍රතිශතයක් රුසියානු ජනාධිපතිවරයාට පක්ෂව හිමිව ඇති බවයි. පසුගිය සතිය පුරා මෙම ඡන්ද විමසීම පැවති අතර එහිදී සියයට 64කට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් රුසියානු විපක්ෂය පවසන්නේ රුසියා ජනාධිපතිවරයා මියයනතුරු බලයේ රැඳී සිටීම මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *