ජින්තුපිටියේ 154 දෙනෙක් නිරෝධායනයට

(කොළඹ, ලංකාපුවත්) – නිවාස නිරෝධායනයට ලක් කරමින් සිටිය දී කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස ඊයේ(02) කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගියා මේවන විට රෝහල්ගත කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේ එම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් 154දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර නිරෝධායනයට යොමු කර ඇති බවය.

ඒ අනුව මෙම රෝගියාගෙන් කොවිඩ් 19 රෝගය සමාජයට ව්‍යාප්ත වීමේ අවධානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *