සංගාගෙන් පැය 09ක ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැමිණි ‍ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ප්‍රකාශයක් ලබා දීමෙන් පසු පිටත්ව ගොස් ඇත.

ඊයේ (02) පෙරවරු 09.00ට පමණ ඔහු එම විමර්ශන ඒකකය වෙත පැමිණි අතර පැය 9කට ආසන්න කාලයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී පාවාදීමක් සිදුව ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව කුමාර සංගක්කාර එම ඒකකය වෙත කැඳවා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *