කොන්දේසි 11කට යටත්ව අද සිට විශ්වවිද්‍යාල විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – විශ්වවිද්‍යාලවල අවසන් වසරවල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු සෞඛ්‍ය නිර්දේශ කොන්දේසි 11කට යටත්ව අද(06) සිට ආරම්භ කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.

ඒ අනුව දෙවන සහ තෙවන වසරේ සිසුන් සඳහා අද (06) සිට විශ්වවිද්‍යාල විවෘත කිරීමටඋපකුලපතිවරුන්ට අවසර ලබා දී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

සභාපතිවරයා මේබව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ය.

විශ්වවිද්‍යාල පළමු වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 4 =