vivo Y50 නවතම ස්මාර්ට් දුරකතනය ජුලි මාසයේදී ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – නවීනතම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදකයා වන vivo Mobile ඔවුන්ගේ නවතම mid rangeස්මාර්ට් ජංගම දුරකථනය වන Y50 දුරකථනය ජූලි මස මැද භාගයේදී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට සුදානමින් සිටී .

ඉතා දිගු බැටරි ආයු කාලයක් සහ උසස්ම තත්වයේ කැමරා සැකසුම් පහසුකම් වලින් සමන්විත මෙම ස්මාර්ට් ජංගම දුරකථනය මගින් පුළුල් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට අපේක්ෂා කෙරේ. පසුගිය මාසයේ V19 හඳුන්වාදීමෙන් අනතුරුව මෙම Y50 හඳුන්වාදීම සිදු කෙරේ. vivoවෙතින් මෙලෙස හඳුන්වා දෙනු ලබන්නේ පැවති වසංගත තත්වයෙන් පසු මේ වසරේ ඔවුන් හඳුන්වාදෙන දෙවන ස්මාර්ට් ජංගම දුරකථනයයි.

ස්මාර්ට් ජංගම දුරකථනය හරහා වැඩිකාලයක් අන්තර්ජාලයේ සැරිසරන තරුණ පරම්පරාවේ අවශ්‍යතාවයන් මෙම mid rangeස්මාර්ට් දුරකථනය හරහා උසස් අන්දමින් සපුරාලනු ඇත.

මෙම නවීනතම ස්මාර්ට් දුරකථනයේ iView තිරය, ultra large 5000mAh බැටරිය, අති විශිෂ්ඨ 8GB+128GB of RAM & ROM මගින් Ultra speed and Ultra Style උපාංග මගින් ප්‍රබල ක්‍රියාකාරිත්වයක් සහිත මෙම ස්මාර්ට් දුරකථනය vivo හී trendsetting designs හා ප්‍රබල ක්‍රියාකාරිත්වයක් ලබා දීමේ අපේක්ෂාවන් සනාථ කරයි.

තරුණ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් මනාව ගැලපෙන අන්දමින් ක්‍රියාකාරිත්වය සහ අලංකාරය හා පෙනුම සමබරව පවත්වාගනිමින් මෙම ස්මාර්ට් ජංගම දුරකථනය නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන නවතම Vivo Y ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථනය වන Y50, super wide-angle quad-camera setup 13MP primary camera, 8MP wide-angle lens cam-era, 2MP macro camera විශේෂාංග වලින් සමන්විතය. අළුතින්ම හඳුන්වා දෙන intelligent Super Night විශේෂාංගය Y50 ස්මාර්ට් ජංගම දුරකථනය මගින් ලබා ගත හැකි අතර එමඟින් algorithm ස්වයං ක්‍රියාකාරිත්වය හරහා අඳුරු ආලෝකය යටතේ විකෘති වීම් අවම කර ගැනීමටත් ලප සහිත භාවයඅවම කර දීප්තිමත් භාවය වැඩි දියුණු කිරීමත් විශේෂ අඳුරු පැහැයක් සහිත ස්ථර ලබා දීමත් සිදු කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *