අම්පාරේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සයින්දමරුදු පිපිරීමට අදාළ සාක්‍ෂි වසන් කිරීම සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අම්පාර ප්‍රදේශයේ රාජකාරියේ නිරත ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

2019 වසරේ අප්‍රේල් 26වනදා සයින්දමරුදු ප්‍රදේශයේ සිදු වූ පිපිරීමට අදාළ සාක්‍ෂි සැඟවීම සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අද(13) උදෑසන කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *