අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට එරෙහිව නීතිය දැඩිව

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය සහ ජනතාව කැලඹීමට ලක් වන අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලික සේනාරත්න මහතා සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කොවිඩ් 19 වයිරසය සම්බන්ධයෙන් මේ දිනවල හුවමාරු වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් පොලිස් තොරතුරු තාක්ෂණ දිසාවේත්, පොලිස් මාධ්‍ය ඒකකයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් නිලධාරීන් අවධානයෙන් සිටින බවද ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − 2 =