සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ඌරුජුවා නැමැත්තාගේ සමීපතමයෙකු වන දනුෂ්ක ආරියවංශ නොහොත් රංග නැමැත්තා මුල්ලේරියාව ගොඩඋඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06 යි මිලිග්‍රෑම්‌ 10ක් ද හමුවී ඇතැයි පොලිසිය පවසයි.

ඔහු දැනට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුවන ඌරුජුවා යන අයගේ සමීපතමයෙකු වේ.

මෙම සැකකරු 2020.07.14 වන දින මුල්ලේරියාව පොලිස්‌ වසමේ ගිඹුටාන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක්‌ කොල්ලකෑමේ සිද්ධියට අවශ්‍යකරන සැකකරුවෙකු චන අතර මොහු 2018 හා 2019 වර්ෂවල හංවැලල පොලිස්‌ වසමේ සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන්‌ දැනට අධිකරණයේ නඩු විභාග වෙමින්‌ පවතින අයෙකු වේ.

තවද, 2015 වර්ෂයේ පාදුක්ක පොලිස්‌ වසමේ ඉන්ධන හලක්‌ මංකොල්ලකෑම. 2018 වර්ෂයේ කඩුවෙල ප්‍රදේශයේ රථ පොලකට අනර්ථය සිදු කිරීම යන සිද්ධින්‌ වලටද සම්බන්ධ සැකකරුවෙකු චේ. සැකකරු සම්බන්ධයෙන්‌ වැඩිදුර විමර්ශන විමර්ශන සිදු කිරීම සඳහා රැඳවුම්‌ නියෝග ලබා ගැනීමට නියමිතය.

මුල්ලේරියාව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *