කාබන් ශුන්‍යකරණ සහතිකය ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) –කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාර සදහා ප්‍රදානය කෙරෙන කාබන් ශුන්‍යකරණ සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිරිනැමේ.

සෞභාග්‍යයේ දැක්ම පරිසර ප්‍රතිපත්ති සම්පාදන කමිටු නියෝජිතයන් එම සහතිකය ජනාධිපතිතුමා වෙත ඊයේ පිළිගැන්වන ලදි.

සස්ටේනබල් ෆියුචර් ගෘෘප් නම් පරිසර පර්ෂදය විසින් මෙම සහතික කිරීම සිදුකර ඇත. රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය, පරිසර හානිය හා හරිතාගාර වායු විමෝචනය ශුන්‍ය අගයක තබා ගත් බව එම සංවිධානය සදහන් කරයි. සස්ටේනබල් ෆියුචර් ගෘෘප් සංවිධානය හරිතාගාර වායු කළමනාකරණය පිළිබද සහතික නිකුත් කිරීම සදහා බලය හිමි ආයතනයකි. එම සංවිධානය හරිතාගාර වායු විමෝචන ක්ෂේත්‍රයේ අන්තර්ජාතික පිළිගැනීමක් සහිත ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ ද අනුමැතිය ලබා තිබේ.

දිවයිනම ආවරණය කරන පරදී සංවිධාන කෙරුණු ජන රැළි පොලිතින්, පෝස්ටර්, බැනර්, කටවුට් ආදියෙන් තොරව පැවැත්වීමට ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ මැතිතුමා තීරණය කළේය. ජනහමුවලට එන වාහන වලින් මුදා හැරෙන කාබන් ප්‍රමාණය අවශෝෂණය කර ගැනීම සදහා “රටේ පැළවෙන නිදහසේ හුස්ම“ රුක්රෝපණ ව්‍යාපෘතිය ද සෑම ජන රැළියක්ම ආවරණය වන ලෙස ලෙස ක්‍රියාත්මක කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *