නිව් සවුත්වේල්ස් පිතිකරණ පුහුණුකරු ධූරය හතුරසිංහට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ප්‍රධාන පුහුණුකරු වූ චන්දික හතුරුසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර ඇත.

මීට පෙර 2010 – 2014 අතර කාලයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරුවා ලෙස ද ඔහු සේවය කර තිබුණි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධුරයට Cricket Australia pathways පුහුණුකරු ක්‍රිස් රොජර්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් හි සහකාර පුහුණුකරු ටෝබි රැඩ්ෆෝඩ් ද අයදුම් කර තිබූ බව සඳහන්වේ.

එංගලන්තයේ මයිකල් යාර්ඩි 2019 දී අත්සන් කළ වසර දෙකක ගිවිසුමේ අඩක් ගෙවා දමමින් සිටින විට සිය පවුලේ හේතූන් මත ආපසු එංගලන්තයට ගිය පසු නව පිතිකරණ පුහුණුකරුවෙකු සොයා ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අවශ්‍ය විය.

ඒ අනුව චන්දික හතුරුසිංහ මහතාව එම ධුරයට තෝරාගෙන තිබේ.

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළේ චන්දික හතුරුසිංහයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *