බස් ගාස්තු වැඩි කිරීමක් හෝ ඉන්ධන සහනයක් ලබා දීමට හැකියාවක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – බස් සංගම්වල ඉල්ලීම් සාධාරණ බව පිලිගන්නා නමුත් රටේ මහජනතාව ද විශාල පීඩනයකට ලක් ව සිටින මෙම අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් හෝ ඉන්ධන සහන ලබා දීම සිදු කිරීම කිසිසේත්ම සිදු කළ හැක්කක් නොවන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෙසේ වුවද පුද්ගලික බස් රථ සංගම් සමග පැවැති සාකච්ඡාවේ දී ඔවුන් විසින් කරන ලද ප්‍රධාන ඉල්ලීම් කිහිපයම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව රුපියල් ලක්ෂ තුනක ණය මුදලක් රාජ්‍ය බැංකුවක් මගින් ලබා දීම, කල්බදු වාරික සහන ලබා දීම හා රක්ෂණ වාරික සහන කාලයක් ලබා දීම වැනි ඉල්ලිම් කීහිපයක් ඉදිරිපත් කළ අතර අමාත්‍යවරයාගේ ඉල්ලිම පරීදි රජය විසින් එම සහන ලබා දීමටඅවශ්‍ය මූලික පියවර ගෙන තිබේ.

පුද්ගලික බස් රථ කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා මේ වනවිට ගෙන ඇති සහන රැසකි.

• රුපියල් ලක්ෂ 03ක ණය මුදලක් ලබා දීමට රාජ්‍ය බැංකු වෙත අවශ්‍ය ‌තොරතුරු ලබා දීම. තවමත් භාන්ඩාගාරයෙන් මේ සම්බන්ධව බැංකු දැනුම්වත් නොකිරීම හේතුවෙන් සුලු ප්‍රමිාදයක් ඇති නමුත් අමාත්‍යවරයා විසින් පසුගිය අමාත්‍ය මණ්ඩලයටද මේ පිලිබඳ තොරතුරු පත්‍රිකාවක් ඉදිරිපත් කළේය.
• කල්බදු වාරික සහන දැනටමත් ලබා දි තිබේ.
• රක්ෂණ වාරික ගෙවීම සඳහා මාස තුනක සහන කාලයක් ලබා දීම.
• ජාතික ගමනාගමන කොමිසම විසින් මේ වනවිට අන්තර්පළාත් බස් රථ සඳහා ලොග්සීට් ගාස්තු අයකිරීම මාස 06ක් යන තෙක් අත්හිටුවා තිබේ. එමෙන්ම ටෙන්ඩර් ගාස්තු සඳහා වාර්ෂිකවඅය කරන මුදල ද මාස 06කට අත්හිටුවා තිබේ. එමගින් ජාතික ගමනාගමන කොමිසමට මෙතෙක් අහිමිවි ඇති ආදායම රුපියල් මිලියන 200කි. එමෙන්ම ජාතික ගමනාගමන කොමිසම විසින් පුද්ගලික බස් රථවලට සුලු වැරදිවලට අය කරනු ලබන දඩමුදල් අය කිරීම ද තාවකාලිකව නවත්වන ලද්දේ අමාත්‍යවරයා දුන් උපදෙස් පරිදිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *