සයිප්‍රසයට ඇතුළුවිම හෝ පිටවීමට විද්‍යුත් සංචාරක කාඩ්පත අනිවාර්ය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය 13වනදා සිට බලපැවැත්වෙන පරිදි සයිප්‍රසයට ඇතුළුවන හා පිටවන සියලුම මගීන් හා ශ්‍රමිකයන් සතුව විද්‍යුත් මාර්ගයෙන ලබාගත් සයිප්‍රස් සංචාරක කාඩ්පත හෝ සයිප්‍රස් ගුවන් අවසර පත තමන් සතුව තිබිය යුතු බව සයිප්‍රස් රජය විසින් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, සයිප්‍රසයට යන සියලුම විගමණික ශ්‍රමිකයන්ට, විශේෂයෙන් ශ්‍රී ලංකාවට ගොස් නිවාඩුවෙන් පසු, ආපසු සයිප්‍රසයට ඇතුළුවන විගමණික ශ්‍රමිකයන්ට, සයිප්‍රස් සංචාරක කාඩ්පත හෝ සයිප්‍රස් ගුවන් අවසර පත තිබිය යුතුය.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරන ලද්දේ https://cyprusflightpass.gov.cy යන විශේෂිත වෙබ් අඩවියට පිවිස විද්‍යුත් සයිප්‍රස් සංචාරක කාඩ්පත හෝ සයිප්‍රස් ගුවන් අවසර පත ලබාගත හැකි බවය.

මෙම සයිප්‍රස් සංචාරක කාඩ්පත හෝ සයිප්‍රස් ගුවන් අවසර පත නොමැති අයට ගුවන් යානා වලට ඇතුළුවිමට ඉඩ ලබානොදෙන අතර අවසර පත් නොමැතිව අසුවුවහොත් පිටුවහල් කිරිමකට හෝ පැමිණීමෙන් පසු දඩයකට යටත් වන බව එරට රජය විසින් නිවේදනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *