කොරෝනා වෛරසයට සාර්ථක එන්නතක් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන්

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසයට නව ඒන්නතක් සාර්ථකව අත්හදා බැලීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමත්ව තිබේ.

මෙම නව එන්නත සාර්ථක සහ ආරක්ෂාකාරී බව විද්‍යාඥයින් පවසයි. නව එන්නත කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දී ඇති බව ද වාර්තා වේ.

එන්නත මගින් කොරෝනා වෛරසයට ඒරෙහි ප්‍රතිදේහ සහ ටී සෛල ශරීරය තුළ සාර්ථකව නිපදවා තිබේ. පුද්ගලයන් 1077 ක් යොදාගෙන සිදුකරන ලද පරීක්ෂණ මගින් මෙම කරුණු හෙලිවී ඇත.

අනෙකුත් එන්නත් හා සැසදීමේ දී මෙම එන්නත ඉතා සාර්ථක සහ විශ්වාසදායී බව ප්‍රකාශ වේ.

නමුත් මෙම එන්නත වෛරසයට එරෙහිව සම්පූර්ණ ආරක්ෂාවක් ලබා දෙන්නේ ද යන්න පිළිබදව පැවසීමට තවමත් කල් වැඩි බව විද්‍යාඥයින්ගේ විශ්වාසය කරයි.

ChAdOx1 nCov-19යනුවෙන් මෙම එන්නත නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *