තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා කොරෝනා වැළදී මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාස මූර්ති දික්ෂතූලු කොරෝනා ආසාදනය වීමෙන් පසුගියදා (20) මරණයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය.

ශ්‍රීනිවාස මූර්ති දික්ෂතූලු පූජකවරයා දශක තුනකට වැඩි කාලයක් තිරුපති කෝවිලේ පූජකවරයකු ලෙස කටයුතු කර තිබෙ.

ඔහු පසුගිය වසරේදී කෝවිලේ වගකීම්වලින් නිදහස් කර ඇති අතර මිය යනවිට ඔහු කෝවිලේ කටයුතුවලට සම්බන්ධ වී නොසිටි බව තිරුපති කෝවිලේ භාරය වන ‘තිරුමාලා තිරුපති දේවස්ථානම්’ හි සභාපති වයි.වී. සුබ්බා රෙඩ්ඩි සඳහන් කළේය.

කෙසේ වෙතත් එම කෝවිලේ පූජකයන් 21 දෙනකු ඇතුළු කාර්යමණ්ඩලයේ 158 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව කෝවිල භාර මණ්ඩලය පවසයි.

නමුත්, පූජකයන් ඇතුළු කෝවිල් කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ට කොරෝනා ආසාදනය වුවද එය වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් වෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *