කොරෝනා ආසාදිතයා සෙවීමට හමුදා කණ්ඩායම් කිහිපයක්

(කොළඹ, ලංකාපුවත්) – මුල්ලේරියාවේ IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සෙවීම සඳහා බුද්ධි අංශ ඇතුලත් යුද හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (24) අලුයම මෙම රෝගියා රෝහලෙන් පලා යාමත් සමඟ ඔහු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටියි.

අදාළ පුද්ගලයාගේ වම් කකුලේ ආබාධයක් හේතුවෙන් ඇවිදින විට කොර ගසන බව සඳහන්වේ.

මොහු පිළිබඳ යම් තොරතුරක් වේ නම්, දුරකථන අංක 119, 0718 591 017, 0718 592 290 හෝ 0718 591 864 යන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *