පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 2077 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ්-19 රෝගය වැළඳුණු එක් පුද්ගලයෙකු පමණක් ඊයේ(23) මෙරටින් වාර්තා විය.

ඔහු සවුදි අරාබියේ සිට මෙරටට පැමිණි අයෙකි. මේ අතර, කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2077 දක්වා ඉහළ ගොස් තිබේ.

කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 562කි. ඔවුන්ගෙන් 451 දෙනෙකුම එම මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන රැඳවියන්ය. තවත් 63 දෙනෙකු කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයන් වන අතර, 05 දෙනෙකු ආරාධිත කාර්ය මණ්ඩලයට අයත්වූවන් වේ. 43 දෙනෙකු මෙම මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කොවිඩ්-19 රෝගීන්ගේ ආශ්‍රිතයින්වේ.

කොවිඩ්-19 රෝගය වැළඳුණු සමස්ත රෝගීන්ගෙන් 2077 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 75.47කි. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 665 දෙනෙකු පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *