ඡන්ද පෙට්ටි රකින්න විශේෂ වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) –මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන පසු දිනය දක්වා ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, ඡන්ද පෙට්ටි රඳවා තබන ස්ථානවල එක් එක් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් දෙදෙනකු රඳවා තැබීමට ඉඩ ලබා දීමට තීරණය කර ඇත.

එමෙන්ම ඡන්දය ගණන් කිරීම සිදු කරන ස්ථානවල ආරක්ෂාවට පොලිසිය මෙන්ම ඒවායෙන් පිටත ප‍්‍රදේශවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යෙදවීමට අපේක්ෂා කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *