රාජාංගණයේ යාය 1 සහ 2 සංචරණ සීමා ලිහිල් කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ සංචරණයට සීමා පැනවූ රාජාංගණයේ යාය 1 සහ 2 යන ප්‍රදේශවල සීමාවන් ලිහිල් කළ බව එම ප්‍රදේශය භාර වැඩබලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය එච්.කේ. අබේරත්න මහත්මිය පැවසුවාය.

කෙසේ වෙතත්, සංචරණයට සීමා පැනවූ යාය 3, 4, 5 සහ 6 යන ප්‍රදේශවල සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වන බව ද ඇය කියා සිටියාය.

මේ අතර කොරෝනා රෝගියෙකු වාර්තාවීම හේතුවෙන් කල් දැමුණු රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට දිනයේ සිදුකිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *