පාසැල් 50 ක කෝඩිං ක්ලබ් ආරම්භ කරමින් කොමර්ෂල් බැංකුව STEMup ව්‍යාපෘතියට සහයෝගය ලබාදෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාසැල් දරුවන්ට උසස් පරිගණක ප්‍රෝග‍්‍රෑමිං දැනුමක් ලබාදීම සඳහා ‘කෝඩිං කල්බ්’ 100 ක් ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ එවැනි සමාජ 50 ක් මේ වනවිට පාසැල්වල ආරම්භ කර ඇතැයි කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

STEMUp පදනමේ මෙහෙයුම වන්නේ සිසුන් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය (STEM) උපාධි සහ රැකියා ලබාගැනීම සඳහා උනන්දු කිරීමයි.

‘100 Schools, 100 Sessions’නැමති මෙම වැඩසටහන මගින් මූලිකවම ඉලක්ක කර තිබෙන්නේ පාසැල් සිසුන්ට පරිගණක ප්‍රෝග‍්‍රැමිංකරණය උගන්වා ඒ තුළින් නව්‍ය සහ ප‍්‍රයෝජනවත් අයදුම් නිර්මාණය කිරීමට ඔවුන්ව උනන්දු කරවීමයි. මෙම වැඩසටහන යටතේ රජයේ ග‍්‍රාමීය පාසැල් වලට පුහුණුකරුවන් ලබාදීම, පුහුණුකරුවන්ට සහ ස්වේච්ඡා සාමාජිකයින්ට පුහුණුව ලබාදීම, පාසැල් වලට සහ පුහුණුකරුවන්ට අවශ්‍ය‘Internet of Things’ (IoT) කට්ටල සහ අනිකුත් සම්පත් ලබාදීම, කේතකරණය භාවිතා කරමින් සැබෑ ලෝකයට ප‍්‍රයෝජනවත් වන ඇප් නිර්මාණය කිරීම සඳහා කණ්ඩායම් ගොඩනැගීම සහ hackathons පැවැත්වීම සිදුකරයි.

2020 වසර අවසන් වීමට පෙර මෙම වැඩසටහන මගින් දිවයින පුරා විහිදුණු පාසැල් 100 ක ‘කෝඩිං ක්ලබ්’ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. දැනටමත් ‘කෝඩිං ක්ලබ්’ 50 ආරම්භ කර තිබෙන පාසැල් අගලවත්ත, අලව්ව, ආනමඩුව, අතුරුගිරිය, බත්තරමුල්ල, බෝමිරිය, බෝපිටිය, බොරලැස්ගමුව, ඇඹිලිපිටිය, ඇඹුල්දෙණිය, ගාල්ල, ගිරිඋල්ල, හංවැල්ල, හෝමාගම, ඉහළගොඩ, මහනුවර, කට්ටිමහන, කටුගස්තොට, කොලොන්න, කොස්ගම, ලබ්බාල, මහෙන, මතුගම, මොරපිටිය, නවගත්තේගම, නුවරඑළිය, පාදුක්ක, පානදුර, පොල්ගහවෙල, රත්නපුර, වග, වරාවැව සහ යාපහුව යන ප‍්‍රදේශවල පිහිටා තිබෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

රාජ්‍ය නොවන සංවිධානයක් වන STEMUp පදනම වෘත්තීය ආයතන සහ විශ්ව විද්‍යාල නියෝජනය කරන ස්වේච්ඡාවෙන් සම්බන්ධ වූ තරුණ පිරිසකගෙන් සමන්විත වේ. පරිගණක ප්‍රෝග‍්‍රැමින් හැකියාව වර්ධනය කරමින් ශ‍්‍රී ලංකාවේ සෑම දරුවෙකුම සවිබල ගැන්වීමේ අරමුණෙන් මෙම සංවිධානය කටයුතු කරයි.

කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරන ප‍්‍රමුඛතම තොරතුරු තාක්ෂණික වැඩසටහන මගින් තොරතුරු තාක්ෂණ විද්‍යාගාර 187 ක් පාසැල් වෙත පරිත්‍යාග කර තිබෙන අතර මේ වනවිට බස්නාහිර පළාතේ පාසැල් 65 ක පමණ ක‍්‍රියාත්මක වන රජයේ සහ පුද්ගලික අංශයේ ‘ස්මාර්ට් ස්කූල්’ ව්‍යාපෘතියේ පාර්ශවකරුවෙකු ලෙසද බැංකුව කටයුතු කරයි. මෙම වැඩසටනේ සියළුම වයස් කාණ්ඩ සඳහා අවශ්‍ය විෂය නිර්දේශ සංවර්ධනය සඳහා කොමර්ෂල් බැංකුව සැලකිය යුතු මුදලක් ආයෝජනය කර තිබෙන අතර සිසු දරුවන්ගේ යහපත වෙනුවෙන් ‘සිප්නැණ’ නමින් අන්තර්ජාල අධ්‍යාපනික වෙබ් අඩවියක්ද නිර්මාණය කර තිබේ.

කොමර්ෂල් බැංකුවේ අරමුදල් භාවිතා කරමින් SLT කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ් සහ සිස්කෝ නෙට්වර්කිං ඇකඩමිය එක්ව පැය 150 ක තොරතුරු තාක්ෂණ හාර්ඞ්වෙයාර් පාඨමාලාවක් තෝරාගත් පාසැල් ගණනාවක සිසුන් වෙනුවෙන් හඳුන්වා දී තිබේ. එසේම, කොමර්ෂල් බැංකුව සිස්කෝ නෙට්වර්කිං ඇකඩමිය සමග එක් වෙමින් ගුරුවරුන්ට සහ සිසුන්ට IT Essentials පාඨමාලාව නොමිලේ කි‍්‍රයාත්මක කරන අතර මෙම වැඩසටහන යටතේ මොරටුව විශ්ව විද්‍යාලය තුළ පිහිටි සිස්කෝ නෙට්වර්කිං මධ්‍යස්ථානය තුළදී ගුරුවරුන් වෙනුවෙන් පැවැත්වූ IT Essentials-Instructor සහතික පත‍්‍ර පාඨමාලාව සඳහාද මෙම ඇකඩමිය විසින් සහයෝගය ලබාදෙන ලදී.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *