පේරාදෙණියේ මාරක රිය අනතුරක් – 03ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – පේරාදෙණිය – ගම්පොළ මාර්ගයේ ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ ඊයේ(27) සවස සිදුවු රිය අනතුරකින් අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

ගෙලිඔය දෙසට ධාවනය වු යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී පළමු අනතුර සිදුව ඇත.

ඒ සමගම එම දිශාවට ම ධාවනය වු ත්‍රීරෝද රථයක් මාර්ගයේ වැටී සිටි පදිකයාගේ ඇඟ මතින් ගමන් කර ඉදිරියෙන් නවතාගෙන සිටි මෝටර් රථයක ද ගැටී මාර්ගයේ පෙරළී දෙවැනි අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

පසුව අනතුරින් බරපතල තුවාල ලැබු ත්‍රීරෝද රථ රියදුරු පිටුපස ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ගම්පොළ රෝහලටත්, පදිකයා සහ ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ තවත් පුද්ගලයෙක් මහනුවර රෝහලටත් ඇළටත්, යතුරුපැදිකරු පේරාදෙණිය රෝහලත් ඇතුළත් කර තිබේ.

ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ ගම්පොළ රෝහලට ඇතුළත් කළ කාන්තාවක්, මහනුවර රෝහලට ඇතුළත් කළ ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ පිරිමි පුද්ගලයා සහ පදිකයා ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචි 54 හා 53 හැවිරිදි අඹුසැමි යුවළකි.

මියගිය පදිකයා වයස අවුරුදු 54 ක් වු ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *