සංවිධානාත්මක අපරාධ කල්ලි 02ක ප්‍රධාන පෙළේ සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකකට සම්බන්ධ ප්‍රධාන පෙළේ අනුගාමිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් එක් අයෙකු කෙසෙල්වත්ත දිනුක කණ්ඩායමේ සාමාජිකයෙකි. අනෙක් පුද්ගලයා මාකදුරේ මධුෂ් කණ්ඩායමේ සාමාජිකයෙක් බව පොලීසිය පවසයි.

කෙසෙවත්ත දිනුක නමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ සමීපව කටයුතු කරන පුද්ගලයෙකු වන දර්ශනගේ අනුරාධ නොහොත් තරංග නමැති සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරෙයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 210 ක් ද සමඟිනි. වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම , ඝාතනයට තැත් කිරීම , පුද්ගලයින් බියවැද්දීම , පහරදීම , දේපොළ අනර්තය සිදුකිරීම ආදී අපරාධ සඳහා එම සැකකරුට එරෙහිව අධිකරණයේ නඩු පවතින බව ද පොලීසිය පවසයි.

මාකදුරේ මධුෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් නොහොත් ජල්බරි සියාම් යන අය අත්අඩංගුවට ගෙන ඇත්තේ ද මත්කුඩු සමඟය. ඒ හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 350 ක් සමඟය.

ඔහු මාකදුරේ මධුෂ් සමඟ ඩුබායි රටේ සිට පිටුවහල් කරන ලද පුද්ගලයෙකි.

කෙසෙල්වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *