අනවසරයෙන් රැගෙන ආ ‘කහ කිලෝ 1000‘ක් නාවික හමුදා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියළි කහ කිලෝ දහසකට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු මන්නාරම ඔලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව විසින් මුහුදු මාර්ගයෙන් කොවිඩ් 19 ආසාදිතයින් මෙරටට සංක්‍රමණය වීම මෙන්ම වෙරළ තීරය ඔස්සේ සිදු කරනු ලබන නීති වීරෝධි ක්‍රියා මැඩ පැවත්විම සම්බන්දයෙන් වීශේෂ අවධානය යොමුකර මුර සංචාර සිදුකරනු ලබයි.

එසේ සිදු කරන මුර සංචාරයකදී පෙරේදා මෙම සැකකරු සහ කහ තොගය අත්අඩංගුවට ගෙන ඇත.

කිසියම් ද්‍රව්‍යක් අසුරන ලද ගෝනි කිහිපයක් සැක කටයුතු ලෙසට රැගෙන යමින් සිටි පුද්ගලයෙකු උතුරු මැද නාවික විධානය විසින් පරීක්ෂා කිරීමේදී වියළි කහ තොගය හමුවී තිබෙනවා.

කිලෝ 999යි ග්‍රෑම් 500 කින් යුත් එම කහ තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන විත් ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ.

කහ තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශණ සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී තිබෙන අතර , සිද්ධියට සම්බන්ධ සැකකරු ස්වයං නිරෝධායනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මගින් මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත භාරදුන් බව නාවික හමුදාව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *