(කොළඹ, ලංකාපුවත්) –නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන්ට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව මැතිවරණය පැවැත්වන අගෝස්තු 05 වෙනිදා සවස 5.00න් පසු ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
ප්‍රදේශයේ ජනතාව සාමාන්‍ය පරිදි ඡන්දය භාවිත කර අවසන්වීමෙන් පසුව නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන්ට මෙම අවස්ථාව ලබා දීමෙන් සමාන්‍ය ජනතාව සහ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් අතර හමුවීමක් නොවන බවද ඔහු කීය.
කොරෝනා රෝගය හමදුනාගැනීම සඳහා පී.සී.ආර් පරික්ෂණ එක් ලක්ෂ පනස් හත්දහසකට වඩා සිදුකර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
ගුවන් හමුදා වන්නි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් 165ක් නියමිත නිරෝධායන කාලය අවසන් කරමින් සහ රෝහල්වල ප්‍රථිකාර ලබා පූර්ණ
සුවය ලැබූ පුද්ගලයින් 21ක් ලෙස 186ක් ඊයේ (29) දිනයේදී සුවපත්වූ බවට වාර්තාවේ.