මහමැතිවරණයෙන් පසුව අපි ශක්තිමත් රජයක් පිහිටුවනවා

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන මහමැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ භෞතික සහ මානව සම්පත් සංවර්ධනෙයෙන් පිරි ශක්තිමත් රජයක් ඇති වන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා මහත්මිය පැවසුවාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරි වසර 5ක කාලය තුළ එම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවද ආණ්ඩුකාරවරිය කිවාය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විස්ටර්ලන්ත තානාපති Hanspeter Mock මහතා අගහරුවාදා(28) ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි හමුවූ අවස්ථාවේ තානාපතිවරයා කළ විමසීමකදි ඇය මේ බව කිවාය. අනතුරුව තානාපතිවරයා රටේ වත්මන් තත්වය පිළිබදවද ආණ්ඩුකාරවරියගෙන් විමසා සිටියේය.

නැගෙනහිර පළාතේ ජනවාර්ගික විවධත්වයකින් හා සම්පත් වලින් අනූන ප්‍රදේශයක් බවත් ජනවාර්ගික විවිධත්වය තමා ශක්තියක් ලෙස සලකන බවත් පළාතේ ජනතාව එකට සිටිමින් කටයුතු කිරිම රජයේ වැඩපිළිවෙලට සහයක් බවත් ආණ්ඩුකාරවරිය කිවාය.

එමෙන්ම මෙම ප්‍රදේශය යුද්ධයෙන් පිඩාවට පත් වු ප්‍රදේශයක් නිසා ඌණ සංවර්ධිත ප්‍රදේශයක් බවට පත් වු බවත් මෙම ජනතාව තවමත් දුප්පත්කමින් පීඩා විදින බවත් ඇය කීවාය.

එහිදි ආණ්ඩුකාරවරිය පෙන්වා දුන්නේ ජනතාව දුප්පත්කමින් මුදවා ගනිමින් සියළුදෙනාට ප්‍රතිලාභ ලැබෙන ලෙස අධ්‍යාපනය දියුණු කිරිම සදහා රජය කටයුතු කරන බවයි.

මෙ අතර කෘෂිකර්මාන්තය පිළිබද අදහස් දක්වමින් ආණ්ඩුකාරවරිය කියා සිටියේ කාබනික කෘෂිකර්මන්තය සදහා මේ වනවිට විශාල වැඩසටහන් රැසක් දියත් කර ඇති බවය.

එහිදි ස්විස්ටර්ලන්ත තානාපතිවරයා ප්‍රකාශ කළේ මෙය ලෝකයේ නව ප්‍රවණතාවයක් බවත් ඉදිරියේදි කාබනික කෘෂිකර්මාන්තය සදහා බොහෝ රටවල් පෙළඹෙනු ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබදව අදහස් දක්වමින් තානාපතිවරයා ප්‍රකාශ කළේ යුරෝපා සංචාරකයන්ට ශ්‍රී ලංකාව සාර්ථක කේන්ද්‍රස්ථානයක් බවය.

මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *