ප්‍රයිම් සමූහයේ 36 වන Apartment ව්‍යාපෘතිය ලෙස නිල් සයුරට විවර වූ The Beach Front – I උස්වැටකෙයියාව පාරිභෝගිකයන් අතට

(කොළඹ, ලංකාපුවත්) –ශී‍්‍ර ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමීත්වය උසුලන සම්මානලාභී ප‍්‍රයිම් සමූහය සිය Apartment ව්‍යාපෘතීන් අතරින් තවත් සුවිශේෂ ව්‍යාපෘතියක සියළු ඉදිකිරීම් නිමකොට පසුගිය 25 වන දා උත්සවාකාරයෙන් පාරිභෝගිකයන් අතට පත් කළා. වත්තල උස්වැටකෙයියාව නිල් සමුදුරට මුුහුණලා මනස්කාන්ත තැනක ඉදිවූ The Beach Front – I උස්වැටකෙයියාව නිදහසේ සුඛෝපභෝගීව කල් ගත කළ හැකි නවීනතම නිවාස 72 කින් සමන්විතයි.

ප‍්‍රයිම් සමූහය සම්පූර්ණයෙන් ඉදිකිරීම් නිමා කළ 36 වන සහාධිපත්‍ය ව්‍යාපෘතිය (Apartment Project) වන The Beach Front සියළු මූලික අනුමැතීන් සහ අනුකූලතා සහතිකය ද ලබා ගත් ව්‍යාපෘතියක් වේ.

මනරම් වෙරළට මායිම්ව මනා ඉඩකඩකින් යුක්ත නිදන කාමර 2 ක් සහිතව ඉදිවූ The Beach Front – I උස්වැටකෙයියාව සයුරු රළෙහි චමත්කාරය නිරායාසයෙන් අත්විඳිය හැකි සුවිශාල සඳළුතලයකින් ද සමන්විතයි. ඉන්දීය සයුරේ නිල් දියවර අබ්යස පිහිටි සුඛෝපභොගීත්වය වෙත කොළඹ නගරයේ සිට විනාඩි 30 කින් ළඟාවිය හැකි The Beach Front – I උස්වැටකෙයියාව සිත සනසන නිවාඩු නිකේතනයකට සුදුසුම ස්ථානයක්.

සම්පූර්ණයෙන් වායු සමීකරණය කළ නිවාස,නවීන පන්නයේ පැන්ටි‍්‍ර කබඩි, induction Hob, Hood, මයික්‍රොවේව් උඳුන ආදී උසස් තත්වයේ මුළුතැන්ගෙයි උපකරණ වලින් සහ LED විදුලි උපාංග ^Light Fittings) ඇතුළුව Hans Grohe ජල කරාම, American Standerd නාන කාමර කට්ටල වලින්ද යුක්තය.

පහසුවෙන් පිවිසිය හැකි වෙරළ තීරය,සුවිසල් විවෘත ටෙරසයන්,අමුත්තන් සඳහා වෙන්වූ ආලින්දය, රැස්වීම් සඳහා වෙන්වූ පරිශ‍්‍ර,ව්‍යායාම් මධ්‍යස්ථාන,සුවිශාල නාන තටාකය සහ ළමුන් සඳහා වෙන්වූ නාන තටාකය මෙන්ම BBQ පහසුකම්, Billiards කාමරය සහ වොලිබෝල් ක‍්‍රීඩාව සඳහා වෙන්වූ පරිශ‍්‍රයකින්ද ඔයැ The Beach Front I සමන්විතයි. ප‍්‍රයිම් සමූහයට ආවේනික අද්විතීය ගෘහ නිර්මාණ කෞශල්‍යයන්ගෙන් හා ව්‍යුහාත්මක ගුණාංගන්ගෙන් පරිපූර්ණ The Beach Front I සියළු පාරිභෝගිකයන් හට නවමු අත්දැකීමක් ලබා දීමට සමත් වේ.

ර්‍ණඅවිවේකී සහ ජනාකීර්ණ නාගරික වටපිටාවෙන් මිදී කොළඹ නගරයේ සිට විනාඩි 30 කින් ළඟාවිය හැකිල සති අන්තය විවේකීව සහ සුඛෝපභෝගීව ගත කළ හැකි නිවාඩු නිකේතනයක් බඳු තමන්ගේම නිවහනක සංකල්පය හඳුන්වාදීමට The Beach Front – I උස්වැටකෙයියාව තුලින් අප සමත්වී තිබෙනවා.

ආරක්ෂාව,අලංකාරය මෙන්ම සුවපහසුව ඇතුළු සියළු සේවාවන් සහිතව නවීන ගෘහ නිර්මාණ ක‍්‍රමවේද හා නවතම ගෘහ අංගෝපාංගයන්ගෙන් යුතු මනා ඉඩකඩක් සහිත තමන්ගේම නිවසක සිට සාගරයේ හා පහසුවෙන් පිවිසිය හැකි වෙරළේ අසිරිය විඳින්නට හැකි අයුරින් The Beach Front – I උස්වැටකෙයියාව නිර්මිතයි. ඉදිකිරීම් කටයුතු නිමකොට ප‍්‍රයිම් සමූහයේ 25 වන සංවත්සරය සමරන මොහොතේ The Beach Front – I උස්වැටකෙයියාව පාරිබෝගියින් අතට පත් කරන්නට ලැබීම අපට කිසිදා අමතක නොවන අත්දැකීමක්. මේ සියළු සාර්ථකත්වයන් සමඟ The Beach Front – I උස්වැටකෙයියාව දෙවන අදියර ආරම්භ කරන්නේ තවත් අති අනර්ඝ නිර්මාණයක් පාරිභෝගික භවතුන් වෙත ලබා දීමේ අරමුණින් “ යැයි ප‍්‍රයිම් සමූහයේ සම සභාපති සඳමිණි පෙරේරා මහත්මිය සඳහන් කළා.

සමූහයේ ස්ථාවරත්වය හා සාර්ථකත්වයන් මූලික කොට ගෙන The Beach Front දෙවන අදියර දැනටමත් හඳුන්වාදී ඇති අතර සයුරට මුහුණලා මනා ඉඩ කඩින් යුතු නිදන කාමර 1ක් 2ක් හා 3ක් සහිතව ද, ඉහළ මාළයේ Penthouse 4 ක් ඇතුළු නිවාස 116 කින් ද මෙය සමන්විතයි.

උස්වැටකෙයියාව මනස්කාන්ත වෙරළ තීරයට මායිම්ව 24 පැය පුරාම ආරක්ෂාව සහිතව, පිවිසුම පාලනය කළ හැකි (Access Controlled) විදුලි සෝපාන,අමුත්තන් සඳහා වෙන්වූ පරිශ‍්‍ර,රැස්වීම් සඳහා වෙන්වූ පරිශ‍්‍ර,ව්‍යායාම් මධ්‍යස්ථාන,යෝගා ව්‍යායාම පරිශ‍්‍ර, BBQ පහසුකම්, Infinity Pool ආදී විශේෂ සුව පහසුකම් අංග 15 කට වඩා මෙම ව්‍යාපෘතියේ අන්තර්ගතව පවතී. මූලික ඉදිකිරීම් දැනටමත් ආරම්භ කර ඇති The Beach Front II හඳුන්වාදීමේ විකුණුම් මිළ මිලියන 17.5 න් ආරම්භ වූ අතර මුදල් ගෙවීම සඳහා මාස 24 ක පොලී රහිත කාලයක් පාරිබෝගියන් වෙත ලබා දේ.

දර්ශනීය සයුරට හා වෙරළ තීරයකට හිමිකම් කියන නිස්කලංක වටපිටාවක් සහිත උස්වැටකෙයියාව, සීඝ‍්‍රයෙන් සංවර්ධනය වන යටිතල පහසුකම් සපිරි නගරයන්ට මායිම්ව, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට විනාඩි 20 කින් ළඟාවිය හැකි, කෙරවළපිටිය හා ජා-ඇළ අධිවේගී පිවිසුම් මාර්ගවලට විනාඩි 5 ක් වැනි සුළු කාලයකින් පිවිසිය හැකි,ලංකාවේ ප‍්‍රධානතම ව්‍යාපාරික නගරය වන කොළඹට හා විනෝදාස්වාදයට සුප‍්‍රසිද්ධ මීගමුව නගරයටද නුදුරින් ද පිහිටා ඇත.

ජනාකීර්ණ පරිසරයෙන් මිදුණු නිදහස් සුවපහසුව කරා ඉතා ඉක්මනින් ළඟා විය හැකි ගමනාන්තයක් වන උස්වැටකෙයියාව, ස්වභාව සෞන්දර්යයේ චමත්කාරය විඳිය හැකි නිදහස් තෝතැන්නක්ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *