සැකකටයුතු බන්ධනාගාර නිලධාරීන් ගැන සෙවීමට බුද්ධි අංශ යොදවයි

(කොළඹ, ලංකාපුවත්) –නීති විරෝධි ක්‍රියාවලට සම්බන්ධ බවට සැකකෙරෙන බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණ කරගැනීමට පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, අදාළ නිලධාරීන් නීති විරෝධි කටයුතුවලට සම්බන්ධ දැයි එමගින් දැඩි ලෙස විමර්ශනය කෙරෙන බවයි.

එම විමර්ශනවලදී යම් නිලධාරීයෙක් එවැනි ක්‍රියාවලට සම්බන්ධ බවට හෙළි වුවහොත්, ඔවුන්ට විරුද්ධව දැඩිව ක්‍රියා කරන බව ද ඔහු පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, රාජ්‍ය බුද්ධි සේවාව සහ බන්ධනාගාර බුද්ධි ඒකකය මගින් එම කටයුතු සිදුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *