නව සභිකයන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභිකයින්ගේ වත්කම්, බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පෙර ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව සියලු සභිකයින්ට දැනුම් දී ඇත.

අදාළ බැරකම් ප්‍රකාශ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත ලබාදිය යුතු බව වාර්තා වෙයි

මේ වනවිට මහ මැතිවරණයෙන් ජයගත් බොහෝ අපේක්ෂකයින් සිය වත්කම් , බැරකම් ප්‍රකාශ ලබාදී ඇති බවට වාර්තා වන බව ද මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මෙතෙක් එම ප්‍රකාශ ලබා නොදුන් සෙසු සභිකයින්ට එම කටයුතු කඩිනම් කරන්නැයි දැනුම් දෙන බව ද ජාතික මැතිවරණ කොමිසම පැවසුවේ ය.

මේ අතර මහ මැතිවරණයෙන් ජයග්‍රහණය නොකළ අපේක්ෂකයින්ගේ වත්කම්, බැරකම් ප්‍රකාශ ලබා ගැනීමේ අවසන් දිනයත් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

එම කොමිසම පැවසුවේ පරාජිත අපේක්ෂකයින් නාම යෝජනා භාරගැනීමේ දිනයේ සිට මාස 03 ක් තුළ සිය වත්මක්, බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *