අමුත්තන්ට රැඳවියන්ව හමුවීමේ අවස්ථාව යළිත්

(කොළඹ, ලංකාපුවත්) – අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන්ව හමුවීම සඳහා පනවා ඇති තහනම ලබන සෙනසුරාදා (15) සිට ඉවත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අමුත්තන්ට රැඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

එක් රැඳවියෙකු හමුවීම සඳහා අමුත්තෙකුට සතියකට එක් වරක් පමණක් අවස්ථාව හිමි වන අතර ඔවුන්ට කෑම ගෙනඒම තවදුරටත් තහනම් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *