එජාපයෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) –නව නායකත්වයක අවශ්‍යතාවය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැහැදැලිවම පෙන්වා දී ඇති බව එම පක්ෂය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ ඊයේ(10) පැවති සාකච්ඡාවකදී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත.

නායකත්වය සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමඟ සාකච්ඡා කොට මීළඟ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනුම් දෙන ලෙස ඒ මහතා සඳහන් කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන ආකාරයට පක්ෂය සම්පූර්ණයෙන් ප්‍රතිසංවිධානය කර ජයග්‍රාහී මාවතට ගෙන ඒමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *