ලොව ප්‍රථම කොරෝනා එන්නත රුසියාවේ ලියාපදිංචි කරයි

(කොළඹ, ලංකාපුවත්) –රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තම රටේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලොව ප්‍රථම වරට නිපදවපු කොරෝනා වයිරස් එන්නත අනුමත කර ඇති බව ප්‍රකාශ කර ඇති අතර, ඔහුගේ දියණියටද එන්නත ලබා දුන් බවට පවසා තිබේ.

එම ගැමෙලියා නම් එන්න්ත තවමත් තෙවන අදියරේ සායනික පරීක්ෂණ පවත්වමින් සිටින විට රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය එම එන්නත අනුමත කර ලියාපදිංචි කර ඇත.

එම ලියාපදිංචිය තෙවන අදියරේ සායනික පරීක්ෂණ වල අවසන් වාර්තාවන්ට යටත්ව පමණක් නිකුත් කර ඇති බවට පවසන රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය, එම එන්නත covid-19 මර්ධනය කිරීමට සුදුසු බවට තමන් විශ්වාස කරන බවට පවසා ඇත .

මේ සම්බන්ධව පසුගිය සතියෙම ප්‍රකාශයක් කල ලෝක සෞඛ්‍ය සංවිධානය රුසියාවට දැනුම් දුන්නේ කඩිනම් නොවී නියමිත ප්‍රමිතීන් අනුව එන්නතේ පරීක්ෂණ පවත්වන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *