ඇන්කර් සමාගමේ සාමාජිකයෝ බියගම ප්‍රදේශයේ පාසැල් පිරිසිදුකිරීමට එක්වෙති

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් -19වසංගතය මෙරට දෙමාපියන්ට මෙන්ම දරුවන්ට ද බරපතළ ලෙස බලපා තිබේ. නැවත පාසල්ආරම්භකිරීම යනු ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා තබන්නාවූ වැදගත් පියවරකි. කෙසේවුවද දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නම්, පාසල් පිරිසිදු හා සුරක්ෂිත ස්ථාන බවට පත්කිරීම අත්‍යවශ්‍ය ය.

මෙම අවශ්‍යතාව හඳුනාගනිමින්, ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන සන්නාමය වන ඇන්කර් නියෝජනය කරන කණ්ඩායමක් විසින්, බියගම ප්‍රදේශයේ පාසල් පිරිසිදු කිරීම සඳහා විශේෂ ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කරන ලදි.

මෙහිදී බියගම මධ්‍ය මහ විද්‍යාලය සහ බියගම ප්‍රාථමික විද්‍යාලය යන පාසල් වලපන්ති කාමර සහ උද්‍යාන ආදිය පිරිසිදුකිරීම සිදුකෙරුණු අතර, දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්ද පැවැත්විණි.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් බියගම මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පති යූ. වී. ගුණරත්න මහතා මෙසේ පැවසී ය. “ කෙවිඩ් -19වසංගතය අප කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයේ දැවැන්ත අභියෝගයක් වුවත්, මේ මොහොතේ පාසල් පරිශ්‍ර නිසි ලෙස නඩත්තු නොවීම නිසා මදුරුවන් බෝවීම ආදිය මගින් මතුවන අනෙකුත් අවදානම්ද අප කිසිසේත් අමතක කළයුතු නැහැ. එම අවදානම් මගහරවා ගැනීමටඅප වහාම පියවර ගත යුතු වනවා.

අපගේ පාසලේ ඉගෙනුම ලබන දරුවන් සංඛ්‍යාව 2,000 කට අධිකයි. එම දරුවන් වෙනුවෙන් පාසල වඩාත් පිරිසිදු හා සුරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීම සඳහා කැපවීම සහ, සෞඛ්‍ය බලධාරීන් විසින් නියමකරන ලද මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම කටයුතු සිදුකිරීම වෙනුවෙන් දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත්, ඇන්කර් කණ්ඩායමටත් මගේ ස්තූතිය මෙසේ පුදකිරීමට මා කැමතියි.“

අදාළ දිනයේ පාසල් දෙකේ උද්‍යාන හා ක්‍රීඩාපිටි වල නඩත්තු කටයුතු සඳහා ට්‍රැක්ටරයක් සහ තණකොළ කපන යන්ත්‍රයක් ලබාදීමට ඇන්කර් කටයුතු කළේ ය. පාසල්පරිශ්‍ර පිරිසිදුකිරීම සඳහා විෂබීජහරණ යන්ත්‍රයක් භාවිතා කරන ලද අතර, දරුවන් පාසල්පැමිණි‚ පසුඔවුන්ගේ භාවිතය සඳහා මුඛආවරණ සහ දෑත්පවිත්‍රකාරක තොගයක් ද පරිත්‍යාග කරන ලදි.

මීටඅමතරව,අගෝස්තු 10 වනචා සිට නියමිත විධිවිධාන අනුව පාසල්වෙත පැමිණෙන දරුවන් වෙනුවෙන් සතියක් පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමටද ෆොන්ටෙරාබ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගමේ සෞඛ්‍ය හා සුරක්ෂිතතාව සම්බන්ධ විශේෂඥයන් කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *