සංචාරකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමට නව මෘදුකාංගයක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ තොරතුරුඇතුළත් කර ගැනීම සඳහා පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ.

සංචාරකයින් මෙරට පැමිණ වීසා ලබා ගැනීමේ ක්‍රියාවලියේ සිට මෙරට සංචාරය කරන ස්ථාන පිළිබඳව ද එම මෘදුකාංගය මගින් නිරීක්ෂණය කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළාය.

සංචාරකයින් මෙරට පැමිණෙන අවස්ථාවේදී හා ඊට දින 5 කට හෝ 7 කට පසුව නැවත පී.සි.ආර් පරීක්ෂණයක් සිදු කරන බවත් ඒසඳහා මුදල් අයකරන බවත් ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *