පළමු කැබිනට් රැස්වීම අද

(කොළඹ, ලංකාපුවත්) –අද (19) නව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්විමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 කැබිනට් මණ්ඩලය රැස්වන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මේ අතර, 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය හෙට (20) පැවැත්විමට නියමිතය.

හෙට පෙරවරු 09.30 පළමු සභාවාරය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *