ඉදිරි වසර පහේදී රටම දේශීය කිරෙන් නහවන සැලසුමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි වසර 05 තුළ මෙරට කිරි නිෂ්පාදනය දේශීය කිරි අවශ්‍යතාව සම්පුර්ණ කිරීම දක්වා ඉහළ නංවන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

පරිභෝජනය ඉක්මවා අපනයනය දක්වා කිරි නිෂ්පාදනය රැගෙන ඒමට රජයේ වැඩි අවධානයක් යොමුව ඇති බව ඒ මහතා සදහන් කළේය.

කිරි නිෂ්පාදන අංශයට සම්බන්ධ අමාත්‍යවරුන් ඇතුළු එම කර්මාන්තය ආශ්‍රිත රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය. ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය රැකගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධක බලකාය විශේෂ අවධානයක් යොමුකර තිබේ. ඒ යටතේ මහාපරිමාන කිරිගොවිපල මෙන්ම කුඩාපරිමාන කිරිගොවිපල සංවර්ධනය කිරීම අපේක්ෂාවයි.

කිරිමිල ගණන්, කිරිහරක් ආනයනය, තෘණ භූමි ආරක්ෂා කිරීම බඩඉරිගු වගාව සහ ඒ වෙනුවෙන් ඉඩම් වෙන් කිරීම සම්බන්ධයෙන් සැළසුම් සකස් කොට තිබේ. ඒ අනුව ඉදිරි කන්නය සඳහා කිරිගොවීන්ට බඩඉරිගු වැවීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන්නේය.

කොළඹ ගම්පහ ඇතුළු නගරබද ප්‍රදේශවල නැවුම් කිරි පරිභෝජනය වැඩි කිරිමටත් , ඒ අනුව කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත වැඩිකිරීමටත් කටයුතු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *