ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් ශ්‍රී ලංකා අගමැතිට සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) –පැවති මහ මැතිවරණයෙන් ලද ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්, සුබ පැතුම් එක්කරයි.

අද පෙරවරුවේ දුරකථන ඇමතුමක් ලබා දෙමින් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මෙලෙස සුබ පැතීය.

නායකයින් දෙදෙනා අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ අංශ කිහිපයක් පිළිබඳව එහිදී කරුණු හුවමරු කර ගත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කරනු ලැබේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අභිලාෂය එහිදී ප්‍රකාශවිය. අග්‍රාමාත්‍ය මොරිසන්, අගමැති රාජපක්ෂ මහතා හා නව රජය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාය රාජපක්ෂ මැතිතුමාට ද මෙහිදී සුබ පැතුම් එක් කළේය.

COVID-19 තත්ත්වය පාලනය කර ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මොරිසන්ට ආරාධනා කළේය. එම ආරාධනයට ස්තූතිය පළ කරමින් අගමැති මොරිසන් මීට පෙර සිදු කළ ලංකාවේ සංචාර පිළිබඳවද සිහිපත් කරමින් මෙම සුන්දර රටේ අසිරිය විදීමට ඉතා ඉක්මණින් පැමිණීමට බලාපොරොත්තුවන බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *