මොරවැව ව්‍යාපාරයේ බඩඉරිගු අස්වනු නෙලීම අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – කෘෂිකර්මාන්තය අපේ සංස්කෘතියේම කොටසක් බවත් එයින් මිදීමට සිතන්නටවත් නොහැකි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

මොරවැව ව්‍යාපාරයේ හෙක්ටයාර් 700ක වගා කළ බඩඉරිගු වගාවේ අස්වනු නෙලීමේ අවස්ථාවට ඊයේ(20) පෙරවරුවේ එක්වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.

මොරවැව ව්‍යාපාරයේ ගොවි සංවිධාන 8ක් මෙවර හෙක්ටයාර් 700ක මෙම බඩඉරිගු වගාව සිදු කළ ඇති අතර මහ කන්නයේදි තවත් හෙක්ටයාර 1500ක බඩඉරිගු වගා කිරිමට සුදානම් කර තිබේ. ගොවිජනපද ව්‍යාපාරයක් ප්‍රධාන වාරිමාර්ග ව්‍යාපෘතියකින් අතුරු භෝග වගාවක් සිදු කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද කිවාය.

“කෝවිඩ් ව්‍යසනය කාලයේ අපිට හොදටම තේරුණා කෘෂිකර්මාන්තයෙන් අපි ස්වයං පෝෂිත වීම කොච්චර හොදද කියා. අවුරුදු 500ක් 600ක් මේ රටේ සෞභාග්‍ය තිබුණේ නැ මෙච්චර කලක් අපි සෞභාග්‍ය මැනීම කළේ නිර්ණායක මගින් එහෙම කරලා වැඩක් නෑ අපි සියලු දෙනාටම සෞභාගයේ අරුණළු ලැබිය යුතුයි. ඒ විතරක් නෙවෙයි අපි අපේ පළාතේ කාෂිකර්මය සම්පුර්ණයෙන්ම කාබනික ගොවිතැනට යායුතුයි. රසායනික පොහොර දාලා කොයිතරම් හොදට අස්වැන්න ගත්තත් වැඩක් නෑ අපි අනාගත පරපුරට කවන්නේ වස නම්. හැකි තරම් ඉක්මනට අපි මහ පොළවට හිතැති කෘෂිකර්මාන්තයට ගමන් කළ යුතුයි යැයිද” ආණ්ඩුකාරවරිය කීවාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *