කොරෝනා තුරන් වෙන්න ගතවන කාලය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉඟියක්

(කොළඹ, ලංකාපුවත්) – ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය තුරන් වී යාමට වසර 02ට ආසන්න කාලයක් ගතවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ජිනීවා නුවර පැවති සැසියක් අමතමිනි.

මේ අතර අප්‍රිකාව, නැගෙනහිර යුරෝපය, ලතින් ඇමෙරිකාව සහ සමහර ආසියානු රටවල වෛරස ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින ප්‍රවණතා පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සැලකිලිමත් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *