පාසල් ක්‍රීඩාව නංවන්න ග්‍රාමීය මට්ටමින් වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – පාසල් ක්‍රීඩාව නංවාලීමේ පළමු අදියර ලෙස ග්‍රාමීය පාසල් සංවර්ධනය කරන බවත්, ඒ හා සමගාමීව නව වැඩපිළිවෙළක් සකස් කරන බවත් යෞවන කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ වීරකැටිය, මැදමුලන ධර්මගිරි ගිරුවා සෑ විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“ක්‍රීඩාව නංවාලීමට රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. පළමුව එම අභියෝගයට සාර්ථකව මුහුණ දිය යුතුයි. ක්‍රීඩකයන් වෘත්තීය විය යුතුයි. රටේ වොලිබෝල් ක්‍රීඩාව නඟාසිටුවීමට ගත හැකි සියලු පියවර ගන්නවා. රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් ආරක්ෂාව තහවුරු කර ක්‍රීඩාවට යහපත් කාලයක් උදා කරනවා.”

ඇමැතිවරුන් වන චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහත්වරුන්ට ආශිර්වාද කිරීම වෙනුවෙන් මේ ආගමික උත්සවය සංවිධාන කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *