මධූෂ්ගේ සමීපතමයෙකු කළුතර දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදුරේ මධූෂ් යන අයගේ සමීපතමයෙකු කළුතර දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත.

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු වන මොහු පාදාගොඩ ගෝවින්දාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි. හෙරොයින් ග්‍රෑම් 18යි මිලිග්‍රෑම් 360ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු අලුත්ගම පොලිසියට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *