(කොළඹ, ලංකාපුවත්) –එයාර්ටෙල් ලංකා සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා සහ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස අශීෂ් චන්ද්‍රා මහතා පත් කර ඇති බව පසුගියදා එම සමාගම නිවේදනය කළේය.
ඉහළ තාක්ෂණික ජාලයක් සහ නවීනතම ඩිජිටල් වේදිකාවන් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ එයාර්ටෙල් හි වර්ධනය වේගවත් කිරීමට ඔහුගේ නව භූමිකාව තුළින් අශීෂ් මහතාට හැකි වනු ඇති බව සමාගම සඳහන් කරයි.
මෙම නව පත් කිරිම සම්බන්ධයෙන් අදහස් දක්වන භාරතී එයාර්ටෙල් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, (ඉන්දියාව සහ දකුණු ආසියාව) ගෝපාල් විටාල් මහතා, ”අනාගත වර්ධනය සඳහා ශක්තිමත් වේදිකාවක් ගොඩනගා ඇති එයාර්ටෙල් ලංකා සමාගමට අශීෂ් මහතා පිළිගැනීමට ලැබීම අපට සතුටක්. ලෝක මට්ටමේ සේවාවන් තුළින් පාරිභෝගිකයින් සතුටට පත් කිරීම යන එයාර්ටෙල් හි දැක්මට අශීෂ් මහතා සතු අත්දැකීම් වැඩි වටිනාකමක් එක් කරනු ඇතැයි මට විශ්වාසයි. ඒ අනුව, ඉදිරි මාස කිහිපයේදී එයාර්ටෙල් වෙතින් පාරිභෝගිකයින්ට ආකර්ෂණීය නවෝත්පාදන රැසක්ම අත්දැකීමට අවස්ථාව හිමි වේවි. අශීෂ් සහ ඔහුගේ කණ්ඩායම වෙත සුභ අනාගතයක් පතනවා.” යනුවෙන් පැවසුවේය.
අශීෂ් මහතාට ඉන්දීය දුරකතන සන්නිවේදන ක්ෂේත්රය තුළ දශක දෙකකට අධික අත්දැකීම් සම්භාරයක් ඇත. මීට ඉහතදී, ඔහු ඉන්දියාවේ ඉහළම දුරකතන සන්නිවේදන සමාගම් කිහිපයකම විවිධ නායකත්ව භූමිකාවන් හි සේවය කොට ඇත. එයාර්ටෙල් ලංකා වෙත සම්බන්ධ වීමට පෙර ඔහු වොඩැෆෝන් අයිඩියා සමාගමේ (Vodafone Idea Limited) (උත්තර් ප්‍රදේශ් සහ උත්තර්ඛන්ඞ්) සඳහා ව්‍යාපාර ප්‍රධානී සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත.
ඉන්දියාවේ මැල්වියා ජාතික තාක්ෂණික ආයතනයේ කාර්මික ඉංජිනේරු උපාධියක් හිමි අශීෂ් චන්ද්‍රා මහතා කළමනාකරණය පිළිබඳ පොඩාර් ආයතනයෙන් සිය MBA උපාධිය ලබා ගත්තේය.