මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,953ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මේ වන විට කොරෝනා රෝගීන් 2953 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ ඊයේ හඳුනාගත් රෝගීන් හය දෙනා ද සමඟයි.

මැලේසියාවේ සිට පැමිණි දෙදෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි තුන් දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට ඊයේ හඳුනා ගැනුණි.

කෙන්යාවේ සිට පැමිණි පුද්ගලයෙකුට ද ආසාදනය වීමත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2953 දක්වා ඉහළ ගියේය.

මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 12කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *