අපරාධ සම්බන්ධ ලිපි ගොනු 23,745 ක කටයුතු අවසන්

(කොළඹ, ලංකාපුවත්) –ගතවූ මාස 18 ක කාලය තුල නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධමය නඩු සම්බන්ධ ගොණු 23,745 ක කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

ඇය කියා සිටියේ මහාධිකරණවල අධිචෝදනා 12,503 ක් පැවරීමටද එහිදී පියවර ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *