ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව Oracle Cloud තාක්ෂණය සමඟ වේගවත් ඩිජිටල් ගමනකට සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට 100% ක්ම රාජ්‍ය අංශය සතු එකම සංවර්ධන බැංකුව වන ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) Oracle Cloud Infrastructure සමඟ එක් වී ඇති අතර මෙමඟින් බැංකුවේ ඩිජිටල් ගමන දිවයින පුරා වේගවත් කිරීමටත් ශ්‍රී ලංකාවේ මධ්‍යම හා අඩු අදායම් ලබන කොටස් නියෝජනය කරන සිය ගනුදෙනුකාර පදනමට නව්‍ය සහ සරල මූල්‍ය විසඳුම් ලබා දීමටත් බැංකුවට හැකියාව ලැබේ.

බැංකුවේ ඩිජිටල් පරිවර්තනයට සහාය වීම සහ පාරිභෝගික සේවය වැඩි දියුණු කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් බැංකුව විසින් තාක්ෂණය උදෙසා සිදු කළ පුළුල් ආයෝජනයේ කොටසක් ලෙස මෙම පියවර ගෙන ඇත.

‘‘අපගේ ව්‍යාපාර සහ පාරිභෝගික අවශ්‍යතා කාලයත් සමඟ වෙනස් වෙනවා. මෙම අවශ්‍යතා සපුරාලීම පෙරදැරිව රටේ ග‍්‍රාමීය ජනතාවට ලබා ගත හැකි සහ දැරිය හැකි ණය පහසුකම් සඳහා වන වැඩිවන ඉල්ලූම සපුරාලීම සඳහා අපගේ ඩිජිටල් පරිවර්තනය වේගවත් මාවතකට ගෙන ඒම ඉතා වැදගත් වෙනවා,’’ යනුවෙන් ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී, ටී. කුහන් මහතා පැවසුවේය. ‘‘මෙය සිදු කිරීමට නම් අපගේ සමස්ත ගනුදෙනුකරුවන්ට සේවය සලසා දීම, ව්‍යාපාර අඛණ්ඩතාවයට සහාය වීම සහ මෙම අභියෝගාත්මක කාලවලදී ඔරොත්තු දීමේ හැකියාව ආදී කාරණා සඳහා අපට වඩාත් කාර්යක්ෂම ක‍්‍රමයක් අවශ්‍ය වුනා. අපගේ මෙම ගමන් මග සඳහා Oracle Cloud Infrastructure අපට සහාය වුනා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Oracle Analytics Cloud තාක්ෂණය, ඔරකල් ස්වයංක‍්‍රීය දත්ත ගබඩාව සඳහා භාවිතා කිරීමෙන්, ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM) ගනුදෙනු, යන්ත‍්‍ර අක‍්‍රීය කාලය සහ මුදල් කළමනාකරණය ආදී තොරතුරු විශ්ලේෂණය කිරීමට බැංකුවට උපකාරී වෙයි. බහුවිධ තාක්ෂණය (combined offering) මඟින් බැංකුවට, විවිධ මූලාශ‍්‍රයන්ගෙන් වේගයෙන් වැඩි වන දත්ත කළමනාකරණය කිරීමට සහ මිනිත්තු කිහිපයකින් වඩාත් පැහැදිලි දෘශ්‍යමය හා පහසුවෙන් තේරුම්ගත හැකි ආකාරයෙන් ක‍්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි දැනුම ලබා ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව, රටපුරා ඇති බැංකුවේ ATM ජාලය භාවිතා කරන පාරිභෝගිකයින්ට වැඩි දියුණ කළ සේවා අත්දැකීමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ වටිනාකම් එකතු කළ තොරතුරු ග‍්‍රහණය කර ගැනීමට RDB කළමනාකාරීත්වයට මෙය උපකාරී වේ.

RDB විසින් Oracle Cloud තාක්ෂණික යටිතල පහසුකම් යොදවා ඇත්තේ, වේගයෙන් වැඩි වන තම පාරිභෝගිකයින්ගේ විමසීම් ප‍්‍රමාණය හැසිරවීමට සහාය වීමට ඒ ඒ පාරිභෝගිකයාට විශේෂයෙන් ගැලපෙන පරිදි සකස් කළ Digital Assistant මෘදුකාංගයට විශ්වාසදායක, විවිධ ප‍්‍රමාණයන්ට සකස් කළ හැකි හා ඉහළ ආරක්ෂිත වේදිකාවක් සැපයීම සඳහාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *