ක්‍රයිස්චර්ච් වෙඩික්කරුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

(කොළඹ, ලංකාපුවත්) – නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ මුස්ලිම් දේවස්ථාන 02කදී වෙඩි තබා පුද්ගලයන් 51 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර ඕස්ට්‍රේලියානු ජාතිකයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කර ඇත.

ඔස්ට්‍රේලියානු ජාතික 40 හැවිරිදි බ්‍රෙටන් ටැරන්ට් නමැත්තාට මෙම දඩුවම නියම කෙරුණි. නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකකට පසුගිය වසරේ මාර්තු 15 දින මෙ මප්‍රහාර එල්ල විය.

නවසීලන්ත ඉතිහාසයේ එවැනි දඩුවමක් නියම කල පළමු අවස්ථාවද මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයන් 51 ක් ඝාතනය , තවත් 40 දෙනෙකු ඝාතනයට තැත් කිරිම සහ ත්‍රස්තවාදය යන චෝදනා යටතේ බ්‍රෙන්ටන් ටැරනට් නම් මෙම තැනැත්තාට එරෙහිව නඩු පවරනු ලැබීය.

මෙම සිද්ධියත් සමග නවසීලන්තය තුළ ගිනි අවි සම්බන්ධ නීති දැඩි කෙරුණු අතර සමාජ මාධ්‍ය ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගණනාවක්ද අනුගමනය කිරීම ආරම්භ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *