සිංහරාජය හරහා ඉදිකෙරෙන මාර්ගය නිරීක්ෂණය කිරිමට ජනපති සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –මහත්ආන්දෝලනයට තුඩුදී තිබෙන, සිංහරාජ වනාන්තරය හරහා ඉදිකෙරෙන ලංකාගම – නෙළුව මාර්ගය පෞද්ගලිකව නිරීක්ෂණය කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් කර ගෙන සිටින බව වැවිලි ඇමැති සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (27) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය.

එහිදී ඇමැතිවරයා කීයා සිටියේ මෙම මාර්ගය ඉදිකිරීමේදී සිංහරාජ වනාන්තරය ආශ්‍රිත පරිසර පද්ධතියට යම් හානියක් සිදුවන්නේ දැයි , ලබා දෙන ලෙස ජනාධිපතිතුමා විසින්මාර්ග සංවර්ධණ අධිකාරියෙන් සහ මධ්‍යම පරිසර අධිකාරියෙන් වාර්තාවක්ද කැඳවා ඇති බවයි .

එම වාර්තාව ලැබෙන තෙක් ජනාධිපතිතුමා විසින් සිංහරාජ වනාන්තරය හරහා ඉදිකෙරෙන මාර්ගයේ ඉදිකිරිම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය.

‘ලංකාගම ප්‍රදේශයේ විශාල ජනතාවක් සිටිනවා.ඒ අයට දිගු කාලයක් තිස්සේ ප්‍රවාහන පහසුකම් ලැබී නැහැ. මේ ජනතාවට ගමනාගමන පහසුකම් සැලසීමත් රජයේ වගකීමක් .ඒවගේම රජය එය කරන්නේ පරිසර පද්ධතින්ද ආරක්ෂා කරගෙන බව මා වගකිමෙන් ප්‍රකාශ කරනවා.’ යැයිද ඇමැතිවරයා මෙහිදී කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *